නිමල් රාජපක්ෂ-
රාජ්‍ය සේවයේ පුරා වසර තිස් ගණනක් සේවය කර ජනතාවට නව තාක්ෂිණික ක්‍රමවේදයන් හදුන්වා දී මේ වසරේ ජනවාරි 24 වැනිදින විශ්‍රාම් දිවියට පාත්‍රවු ජාතික ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරී වාණිජ පියල් පත්මනාථයන් අද ඉතා සතුටින් තමන් කළ සේවාව ශ්‍රී රාජ් මාධ්‍ය කණඩායම සමග පැවසුවේය.
කොළඹ විශ්ව විද්‍යාලයෙන් උපාධියක් ලබා ගත් පියල් පත්මනාථ ගජධීරආරච්චි මහතා ජාතික ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ සේවයට යාමට පෙර තමන් රුකියා කිහිපයක් කළ බවත් ඒ සෑම රැකියාවක පත්විම සැප්තැම්බර් මස පළමුවැනි දින ලැබීම ගැනත් අපහා පැවසුවේ ඉමහත් ප්‍රබෝදයකිණි.
විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ යුගයේදී ගම්පෙරළිය චිත්‍රපටිය රගපෑ නන්දාගේ චරිතයට සමාන රූපසොභාවෙන් පිරි නන්දා තමන්ගේ සහකාරිය වෙයි කියා කිසිදාක නොසිතුවුයේය.
නමුත් විශ්වවිද්‍යාලය තුළ නන්දා ගේ නම ආදා ගනිමින් පියල් හට සිය මිතුරන් උසුළු විසුළු කිරිමට එදා පටන් ගත්තේය.නමුත් පියල් අතර නන්දා කෙරෙහි දැඩි ඇගෑලුම් කමක් පමණක් තිබුණද කාලයාගේ ඇවෑමෙන් පියල් නන්දා චරිතය තුළ සමීප ඇසුරක් පටන් ගත්තේය.
එය කොතෙක් දුරට ගමන් කළේද යත් තමන්ගේ සහකාරිය බවට පත්වුයේ කාටත් හොරාය. පසුව සිය නන්දා සමග අතිනතගත් පියල් පත්මනාථයන් ඉතා සාර්ථක යුගදිවියක් ඇරඹුවේය.
දරු දෙදෙනකුගේ පියකු වන පියල් පත්මනාථයන් ජලසම්පාදන මණ්ඩලයේ රැකියාව කරන අවදියේ ”සැමට සෙවන ”. ව්‍යාපෘතිය තුළින් විශාල සේවයක් කිරීමට අමතක නොකළේය.
දිවයින පුරා දිවා රාත්‍රී නොබලා සේවය කළ පියල් මහතා කඩදාසි යුගයෙන් රාජ්‍ය සේවාවට යන විශාල වියදමක් ඉතිරි කොට ජල බිල්පත් සදහා නව ක්‍රමවේදයක් හදුන්වා දීමට අමතක නොකළේය.
එවකට තැපැල් කාර්යාල වෙත ගොස් පෝලිම් වල සිට ජලබිල්පත ගෙවීමට සිදු වුවද අද වනවිට ජලබිල්පත මනුකියවන්නා තමන්ගේ නිවසට පැමිණ ලබාදෙන මොහොතේම ජලබිල්පත ගෙවීමේ පහසුකම ලබාදිමට පියවර ගත්තේය.
එවැනි විශාල සේවාවක් සිදු කළ ඹහු අද විශ්‍රාම සුවයෙන් සිටියද තම සිය බිරිද හා දරුවන් සමගින් ඉදිරියේදී විනෝද චාරික යාමටත් විදේශ ගතවීමටත් සැලසුම් කර තිබෙන බවද අපහා පැවසුවේ හද පිිරි සතුටිණි.
තව දුරටත් අදහස් දැක්වු පියල් පත්මනාථ ගජධීරආරච්චි මහතා ,
NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න