Spread the love

එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය සන්ධාන ගතවීමට එම පක්ෂ දෙකේම ප්‍රබල සාමාජිකයන් පස්දෙනෙකු පමණ විරුද්ධත්වය ඵල පළ කරමින් ඇති බව වාර්තා වෙයි.

ඒ හේතුවෙන් එම සන්ධානයේ වැඩ කටයුතු ඉදිරියට සිදුවීම අවිනිශ්චිත තත්වයකට පත්ව ඇත.

මේ පිළිබඳව දහස් පළ කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ හිටපු උපදේශකයෙකු සඳහන් කළේ සන්ධානය ගොඩනැගීම ඉතා යහපත් කටයුත්තක් වුවත් පක්ෂ දෙක ඒ වෙනුවෙන් අවංකව කැපවන්නේදැයි ගැටළුවක් ඇති බවයි.

පක්ෂ දෙකේම නායකයන්ගෙන් පවා මේ පිළිබඳව පැහැදිලි උත්තරයක් මෙතෙක් ලැබී නැති බවද පෙනෙන්නට ඇතැයි ඔහු සඳහන් කළේය.