Spread the love

2022 අවුරුදු සමරන්නට නොහැකිව සිටි ජනතාවට වසර දෙකක් යන විට අලුත් අවුරුද්ද සමරන්නට හැකි රටක් නිර්මාණය කර දුන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යැයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

ආර්ථිකය වැටී තිබූ රටක් වසර දෙකක් වැනි කෙටි කාලයකින් ගොඩනගාගත් බවට ලෝකය තුළ ද ආදර්ශයක් නැතැයි ද ඒ බව ආසියානු සංවර්ධන බැංකුව ද ප්‍රකාශ කර ඇතැයි ද රංගේ බණ්ඩාර මහතා පෙන්වා දෙයි.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව බව පැවසීය.

වැටී තිබූ රට යහමගට ගන්නා ගමන් පීඩාවට පත්ව සිටින පවුල් විශාල ප්‍රමාණයකට අස්වැසුම තුළින් රුපියල් 15,000 ක දීමනාවක් ලබාදීමට ජනාධිපතිවරයාගේ මගපෙන්වීම යටතේ සිදුකරන බවත් එය සමෘද්ධිය වැනි රුපියල් 4000 ක දීමනාවක් ගැනීමට යෑමේදී සිදු වූ අපහසුතාවට ජනතාව ලක්කිරීමක් සිදු නොකර ලබාදෙන බවත් ඔහු කීය.