Spread the love

එළැඹෙන ඔක්තෝබර් මාසයේ ජනාධිපතිවරණය පැවැත්වෙන අතර ඒ සඳහා නිර්පාක්ෂික අපේක්ෂකයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

සියලු දෙනාටම වියදම් සීමාකර මූල්‍ය පාලනයක් ඇතිකර ගන්නා ලෙස රජය අවධාරණය කර ඇති පසුබිමේ ශ්‍රී ලංකා මහ බැංකුව ඒ කිසිත් නොතකා ඔවුන්ගේ වැටුප් වැඩිකර ගැනීමේ කිසිදු සාධාරණයක් නොමැති බවද ඒ මහතා අවධාරණය කළේය.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව සඳහන් කර සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.

රට කඩාවැටීමට අදාළව නිලධාරීන් වෙතද වගකීමක් ඇති බව පෙන්වා දුන් හිටපු අමාත්‍යවරයා රට ඉදිරියට ගෙනයාමට නම් නිලධාරීන් ද සැළසුම් සහගතව මීටවඩා මැදිහත්වීමක් කළ යුතු බවත් මේ මොහොතේ නම් එවැනි තත්ත්වයක් පෙන්නුම් නොකරන බවත් සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මෙසේද පැවසීය .

රට මීට මාස 22 කට පෙර තිබූ තත්ත්වය අනුව සළකා බැලීමේදී යම් ස්ථාවරත්වයකට පැමිණ තිබෙනවා. නමුත් තව සිදුකළ යුතු දේ බොහෝ තිබෙනවා . කඩාවැටුණු රට යම් කළමනාකරණයකට ලක්කර ගැනීමට එක පුද්ගලයෙන් ඉදිරිපත් වුනා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. ඔහු බාරගත් වගකීම ඉටුකරන්න සමත් වූ බව කවුරුත් පිළිගත යුතුයි