Spread the love


කොළඹ සිට හලාවත බලා ධාවනය වු මන්දගාමී දුම්රියේ ගමන් කළ කාන්තාවකගේ රුපියල් 1 50 000 ක් වටිනා ගෙළ බැදි රන්මාලයක් කඩාගෙන පලා ගිය සැකකරුවන් දෙදෙනකු හලාවත දුම්රිය ආරක්ෂක නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය වි ඇත්තේ අද (24) දවහල් 12.40 පමණය. අංක 412 දරණ දුම්රියේ ගමන්ගත් කාන්තාවක් කාක්කපල්ලිය දුම්රිය ස්ථානයේදිය.
සිද්ධිය වු අවස්ථාවේ කාන්තාව කෑගැසුවත් එක් සැකකරුවකු දුම්රියේ සිටියදී අනික් සැකකරු මාලය කඩාගෙන පලා ගොස් තිබිණ .අදාල කාන්තාව හලාවත දුම්රිය ආරක්ෂ නිලධාරින්ට සිද්ධිය පැවසීමෙන් පසු සැකසහිතව සිටි එක් සැකකරුවකු ඒ මොහොතේම අත්අඩංගුවට ගෙන ඹහුද සමගින් කාක්කපල්ලය දුම්රිය ස්ථානයට යද්දී අනික් සැකකරු එහිදී කොටු කර ගැනිමට දුම්රිය ආරක්ෂක නිලධාරීන් සමත්වි ඇත.
සැකකරු ළග තිබී කාන්තාවගේ රන් මාලය සොයා ගත් අතර පෙන්ඩනය සොයා ගැනිමට නොහැකිවී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වැඩිදුර පරීක්ෂන පැවැත්වීම සදහා දුම්රිය ආරක්ෂක නිලධාරීන් හලාවත පොලීසියට බාරදී ඇත.
දුම්රිය ආරක්ෂක අධිකාරි අනුර ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත ,හලාවත කාර්යාභාර නිලධාරි ,උප පරීක්ෂක එස් පි ගුණතිලක ,සැරයන් අයි.ඩී.එන් බණ්ඩාර ,කාන්තා ආරක්ෂිකා ආර්.පී.ටී සංජිවනී යන නිලධාරිහු මෙම වැටලිම සිදු කළහ.