නිමල් රාජපක්ෂ –
සුරාබදු දෙපාර්තුමේන්තුව මගින් දියත් කළ දින 100 විශේෂ ග්‍රහන වැඩ සටහන යටතේ රත්නපුර ,කලවාන ,නිවිතිගල , කිරිඇල්ල, ඇහැලියගොඩ ,වේවැල්වත්ත කුරුවිට රත්නපුර හා පැල්මඩුල්ල යන ප්රදේහවල සෝදිසි මෙහෙයුම් දියත්කොට නිති විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය ජවාරම් කරුවන් 426 ක් අත්අඩංගුවට ගෙන අධිකරණ වෙත ඉදිරිපත් කොට රුපියල් 3382000 / දඩ ආදායමක් රජයට ලබා දීමට සමත්වු බව රත්නපුර සුරාබදු අධිකාරි ඒ.ජි.එස්.කේ.සෙනෙවිරත්න මහතා පවසයි.
මෙම සෝදිසි මෙහෙයුම් වලදි නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර 125 ක් කොටු කර ගැනීමට රත්නපුර සුරාබදු නිලධාරීන් සමත්වී ඇත.
සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ ගුණසිරි මහතාගේ නියෝගයකට අනුව දියත් කල මෙම ග්‍රහන වැඩසටහනේදි ගෘහස්ත හා වාණිජ මට්ටමින් රට තුළ ව්‍යාප්ත වන නීති විරෝධි ස්ප්‍රීතු පෙරිම හා භාවිතය මර්ධනය කර අදාල ආදායම් ඉලක්කයට ලඟාවිම හා මහජන සෞඛ්‍ය සුරක්ෂිත කිරිම. දෙපාර්තමෙින්තුවේ නිලධාරින් අතර අන්‍යෝන්‍ය විශ්වාසය හා බැඳියාව වර්ධනය කිරිම. ප්‍රධාන අරමුණවිය.
ඒ අනුව සිදුකල වැටලිම් වලදි අත්අඩංගුවට ගත් සැකකරුවන් රත්නපුර, අවිස්සාවේල්ල ,පැල්මඩුල්ල හා කලවාන යන මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කොට රුපියල් 3382000 / දඩ මුදලක් අයකර ගෙන තිබේ.
සුරාබදු කොමසාරිස් සමන්ත කොස්තා මහතාගේ උපදෙස් මත, රත්නපුර සුරාබදු අධිකාරි හා සුරාබදු ස්ථානාධිපති ලෙස කටයුතු කරන ඒ.ජි.එස්.කේ.සෙනෙවිරත්න මහතාගේ මෙහෙයවිමෙන් , රත්නපුර සුරාබදු පරික්ෂක ඒ.ජේ.එම්.එන්.දේශප්‍රිය, සුරාබදු සැරයන් මෙිජර් කේ.ඒ.ඩි.එස්. කොතලාවල, සුරාබදු සැරයන් එල්.එල්.බි.ඩබ්.තෙන්නකොන්, සුරාබදු කෝප්‍රල්වරුන් වන එල්.පි. දිසානායක, ආර්.ඩබ්.එම්.එස්. සංඛපුර්ණ, ඩි.එස්.සි. දේවගේ, ඩබ් .ඒ.එම්.එම්. ප්රියදර්ශණ, සුරාබදු නියාමක රියදුරු එච්.කේ.යු.එස්. ධනංජය යන නිළධාරීහු මෙම වැටලිම් සිදු කළහ.