GovPay ඩිජිටල් ගෙවීම් පහසුකම හරහා රථ වාහන දඩ මුදල් ගෙවීමට හැකියාව ලබාදීමට පියවර ගනිමින් සිටින බව ශ්‍රී ලංකා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.
ඒ අනුව GovPay පහසුකම හරහා රියදුරන්ට පහසුවෙන් දඩ මුදල් ගෙවීමට හැකියාව ලැබෙන බවයි එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික හර්ෂ පුරසිංහ සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් වන මූලික සාකච්ඡා මේ වන විට අවසන් කර ඇති අතර, කඩිනමින් අදාළ ගිවිසුම අත්සන් තැබීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.
GovPay ඩිජිටල් ගෙවීම් පහසුකම මෙරට රාජ්‍ය ආයතන 16 ක් සම්බන්ධ කර ගනිමින් පසුගියදා ආරම්භ කෙරුණා.