Spread the love

හෙට දිනයේදීත් රත්නපුර සහ නිවිතිගල අධ්‍යාපන කලාපයේ පාසල් කිහිපයක් වසාතැබීමට සබරගමුව පළාත් සභාව තීරණය කර තිබේ.

ඒ අනුව රත්නපුර අධ්‍යාපන කලාපයේ රත්නපුර, කුරුවිට හා ඇහැළියගොඩ කොට්ඨාස වලට අයත් සියලු පාසල් සහ නිවිතිගල අධ්‍යාපන කලාපයේ ඇලපාත හා අයගම කොට්ඨාසවලට අයත් සියලු පාසල් වසා තැබෙනු ඇත.

මේ අතර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල සියලු පාසල් හෙට දිනයේ යළි විවෘත කිරිමට තීරණය කර තිබේ.

ගංවතුරෙන් හානියට පත්වූ පාසල් සහ අවතැන්වූවන්ගේ මධ්‍යස්ථාන ලෙස භාවිත කරන පාසල් පිළිබඳව තීරණය කිරිමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට බලය පැවරූ බවද දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කළේය