Spread the love


Blue Print 3.0 ඉදිරිපත් කිරීමට තිබුනේ මීට වසර දෙකකට පෙර දෙකෝටි විසි ලක්ෂයක් දෙනා බේරා ගැනීමට බවත්, රට ආර්ථික වශයෙන් ඇද වැටුනු අවස්ථාවේදී ඉදිරිපත් නොවූ ආර්ථික විශේෂඥයින් , දේශපාලඥයින් හා දේශ හිතෛයිෂීන් දැන් කුමකටදැයි විමසා සිටින බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
අද දහවල් රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
සමගි ජන බලවේගය ඉදිරිපත් කළ Blue Print 3.0 ආර්ථික වැඩපිලිවෙල සජිත් ප්‍රේමදාස , ඉරාන් වික්‍රමරත්න , හර්ෂ ද සිල්වා සහ කබීර් හෂිම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ දිනයේදී එළි දැක්වුවද , මීට දෙවසරකට පෙර ඔවුන්ට අවස්ථාව ලබාදුන් අවස්ථාවේ රටේ ආර්ථිකය අසාධ්‍ය රෝගියෙකුගේ තත්ත්වයට පත්ව ඇති බැවින් එය ගොඩ ගැනීමට නොහැකි බව පවසා මග හැර ගිය බව සඳහන් කළේය.
ඒ අවස්ථාවේ කෙනෙක් රට භාරගෙන 75 % ක් පමණ ආර්ථිකය ගොඩගෙන ඇති අවස්ථාවක , ඔවුන් මේ සිදුකරන්නේ දේශපාලන විහිළුවක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ