Spread the love

මේ වන විට රටේ දේශපාලන පක්ෂයක් ලෙස තිබෙන්නේ ජාතික ජන බලවේගය පමණක් බවද, අනෙක් සියල්ල බලය වෙනුවෙන් ක්‍රියාත්මක වන කණ්ඩායම් පමණක් බවද පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය පවසුවාය.

දේශපාලන පක්ෂයක් යනු යම් දේශපාලන මතවාදයක් වෙනුවෙන් පෙනී සිටින, ඒ මතවාදය සහ අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වන ව්‍යුහයක් බවද, එවැනි දේශපාලන මතවාදයක් සහ රට ගැන දැක්මක් ඇත්තේ තම පක්​ෂයට පමණක් බවයි ඇය සඳහන් කළේ.

අද වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොමැති බවද, ඒ වෙනුවට ඇති පොදු ජන පෙරමුණේ දේශපාලන අරමුණ කුමක්දැයි ගැටළු සහගත බවද, එමෙන්ම සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂයෙන් වෙන් වූයේ ප්‍රතිපත්තිමය හේතුවක් නිසා නොව රනිල් වික්‍රමසිංහ සමඟ වැඩ කිරීමට නොහැකි නිසා බවද ඇය පෙන්වා දෙනවා.

මතවාදී දේශපාලනික වෙනස්කම් මෙරට පාර්ලිමේන්තුව තුළ තවදුරටත් නියෝජනය නොවන බවද, පාර්ලිමේන්තුවේ වාද විවාද වලදී පුද්ගලික කරුණු මත පදනම්ව වාද විවාද සිදුවන්නේ එබැවින් බවද ඇය වැඩිදුරටත් කීවාය.