Spread the love

කර්මාන්තකරුවන් මුහුණ පා ඇති ගැටලු විසඳීම සඳහා ඊට අදාළ රජයේ ආයතන අනිද්දා (25) ආර්ථික අර්බුදය සමනය කිරීමේ කොමිෂන් සභාව හමුවට කැඳවා ඇතිබව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ මහතා පැවසීය.

ඒ අනුව ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය, කාර්මික සංවර්ධන මණ්ඩලය, මුදල් අමාත්‍යාංශයේ අයවැය දෙපාර්තමේන්තුව, රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුව, ව්‍යාපෘති දෙපාර්තමේන්තුව, දේශිය අදායම් දෙපාර්තමේන්තුව, මහ බැංකුවේ බැංකු නොවන හා බැංකු අධික්ෂණ අංශ යන ආයතන එදිනට කැඳවා තිබේ.

සුළු හා මාධ්‍ය පරිමාන ව්‍යාපාරිකයින් දිරි ගැන්විම සඳහා වැඩපිළිවළක් යෝජනා කිරීමට එම ආයතන සමග එදිනට සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.