Spread the love

හැටන් සිංගිමලේ රක්ෂිතයට යාබදව පිහිටි යුකෙලෙප්ස්ටික් වන වගා රක්ෂිතයක ගින්නක් හටගෙන ඇති බව හැටන් වන අඩවි කාර්යාලයේ නිලධාරින් පැවසිය.

එම වන වගා රක්ෂිතයේ ගින්න හටගෙන ඇති බවත්, ගින්න පැතිර යන රක්ෂිතය වතු සමාගමකට අයත් රක්ෂිතයක් බවත්, පැතිර යන ගින්න වතු කම්කරුවන්ගේ සහය ඇතිව පාලන කරන ලෙස වතු පාලන අධිකාරියට දැනුම් දුන් බවයි හැටන් වන අඩවි කාර්යාලයේ නිලධාරින් කියා සිටියේ.

පැතිර යන ගින්න පාලනයට තම කාර්යාලයේ නිලධාරින්ගේ සහය වතු පාලන අධිකාරියට ලබාදුන් බවත්, හැටන් ප්‍රදේශයේ මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණයත් සමග කිසියම් පිරිසක් විසින් වන වගා රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවත්, මෙවැනි රක්ෂිත වලට ගිනි තබන අය පිලිබදව තොරතුරු වෙතොත් ළගම ඇති පොලිස් ස්ථානයට හෝ තම කාර්යාලයට දැනුම් දෙන ලෙස හැටන් වන අඩවි කාර්යාලයේ නිලධාරින් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.