හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගන්නා ලද්දේ මුල්‍ය විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා සඳහන් කරයි.
අදාළ වැරදි සිදුකර ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි ඇති බවට නීතිපතිතුමා විසින් දන්වා සිටීමෙන් අනතුරුව ඔහු සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගත් බවත් ඔහු පැවසීය.
ඔහු සම්බන්ධයෙන් අපරාධ විධි විධාන පනත අනුව දිරි කටයුතු කිරීමට කටයුතු කරන බවත් හෙතෙම පැවසීය.
බෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ඔහු කොළඹ බලා ගෙන එමින් ඇති එනු ඇති අතර ඉන් අනතුරුව ප්‍රකාශයක් සටහන් කිරීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
රත්මලාන සිරිමල් පෙදෙසේ පිහිටි රුපියල් මිලියන 34ක් වටිනා නිවසක් හා ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව මෙම පරීක්ෂණ ක්‍රියාත්මකය.