නිමල් රාජපක්ෂ-
..
ලංකාවේ ප්‍රළුම වරට යුරෝපීය වාහන කාර්මික තාක්ෂණය (බී.එම් .බබ්ලිව් , අවුඩි වැනි මෝටර් රථ ) මේ වසර තුළ කාර්මික ඉංජිනේරු ආයතනය මගින්ඇති කිරිමට පියවර ගන්නා බව නයිටා ආයතනයේ සභාපති රුචික අමරසේකර මහතා පවසයි.
එම කාර්මික තාක්ෂණ කටයුතු ආරම්භ කිරීම සදහා ජර්මානු රජයේ ආධාර ලබා ගැනීමට නියමිත බවද රුචික අමරසේකර මහතා වැඩි දුරටත් පැවසුවේය.

නයිටා ආයතනයේ සභාපතිවරයා එසේ පැවසුවේඅධ්‍යාපන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ජාතික ආධුනික්තව සහ කාර්මික පුහුණු කීරීම් අධිකාරියේ කටුබැද්ද කර්මාන්ත ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ සාර්ථකව පුහුණුව අවසන් කළ නිපුණ ශිල්පීන්හට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදි පසුගියදා සහතික පත් ප්‍රදානය කළ අවස්ථාවේදීය
මෙහිදි අදහස් දැක්වු රුචික අමරසේකර මහතා , මේ දරුදැරියන්ට හැකියාවක් ලැබෙනවා ජර්මානු ගුරුවරියන් වෙතින් අභ්‍යාස ලබා ගෙන ඒ ලෝකෙට පිවිසෙන්න.

මේ හැරවුම් මොහොතේ රටක් හැරවුනානම් ඇයි අපිට හැරෙන්න බැරි. රටක් තැගිට්ටානම් ඇයි කාර්මික අභ්‍යස ආයතනයට නැගිටින්න බැරි . එ් ශත්කිය තමයි ඹබලා යනුවෙන් සභාපතිවරයා ඉතා නිහතමානී ආබම්බරකින් පැවසුවේය.

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, මහාචාර්ය ගංගා කරුණාතිලක ,අධිකාරියේ උප සභාපති එස්.එච්. හරිස්චන්ද්‍ර , අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.එම්.එස්. විජේසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු අධිකාරියේ අධ්‍යක්ෂකවරුන් සහ ජාතික ආයතන නියෝජනය කරමින් විදුහල්පතිවරුන් සහ එහි කාර්ය මණ්ඩලයද මෙම අවස්ථාවට සහභාගිවුහ.