Spread the love


නිමල් රාජපක්ෂ-

යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක කිරිම තුළින් අපරාධ සහ මත්ද්‍රව්‍ය යම් අඩුවිමක් දක්නට ලැබෙන බවත් සියල්ල සිදු කරන නිලධාරින් අගය කරන බවත් මධ්‍ය පලාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු.ගමගේ මහතා පවසයි.

84 වෙනි පොලිස් අන්තර් කොට්ඨාශ මලල ක්‍රිඩා උළෙලට සමගාමිව පවත්වනු ලබන මධ්‍යම පළාත් මලල ක්‍රිඩා උළෙල  මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රිඩාංගණයේදි 17දා පැවති අතර එහි සමාප්ති උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මධ්‍යම පළාත් සමස්ත ශුරතාවය  ලකුණු 126ක් ලබා ගෙන මහුනවර කොට්ඨාශය විසින් ලබා ගත් අතර අනුශුරතාවය ලකුණු 77ක් ලබාගෙන් හැටන් පොලිස් කොට්ඨාශය විසින් හිමිකර ගත්හ.
දක්ෂතම ක්‍රිඩිකාව ලෙස නුවරඑළිය පොලිස් කොට්ඨාශයේ වයි.බි.එන්.කේ දිසානායක ද ක්‍රිඩකයාද ගම්පොල පොලිස් කොට්ඨාශයේ බි.එම්.ටි .එම් අබේසිංහ ද හිමිකරගත්හ.

උත්සව සභාව ඇමතු මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා, වෙහෙසකාරි රාජකාරි කටයුතුවල නිරත අය ලෙස ක්‍රිඩා දක්ෂතාවයන් දැක්විම අගය කරන බවත් රටක ජාතික ආරක්ෂාව ප්‍රමුඛ ලෙස සුරැකිමේ වගකිමක් ලෙස කටයුතු කරන පොලිස් නිලධාරින් හට ජාතියේ ගෞරවය හිමිවන බවය.රටක් ලෙස විවිධ ආපදාවන්ට මුහුණ දෙන අවස්ථාවලදි  පොලිසිය විසින් සිදු කරන මෙහෙය අගය කරන බවවත්  ජනතාවට නිදහසේ ජිවිත්විමේ අයිතිය ලබා දෙමින් යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක කිරිම තුළින් අපරාධ සහ මත්ද්‍රව්‍ය යම් අඩුවිමක් දක්නට ලැබෙන බවත් සියල්ල සිදු කරන නිලධාරින් අගය කරන බවද ආණ්ඩුකාරවරයා පැවසිය.

මෙම අවස්ථාව  මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති ලලිත් පතිනායක,මධ්‍යම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක,මාතලේ මහ දිසාපති තේජානි තිලකරත්න,මාතලේ ශ්‍රි පුණ්‍යවර්ධන සමිතියේ සභාපති ඉසුරු ජයවර්ධන යන මහත්ම මහත්මින් ඇතුලු පොලිස් නිලධාරින් රැසක් එක්වි සිටියහ.