මාර්තු 23 වන දින පෙ.ව. 9 ට පැවැත්වෙන අ.පො.ස, උසස් පෙළ විභාගයේ තාක්ෂණික විභායට මුහුණ දෙන සිසුවෙකුගේ නිවසට යාබද සතර මංසන්ධියක් සම්පූර්ණයෙන් අවහිර කරමින්, ප්‍රදේශ වාසීන් පිරිසක් මාර්තු 22 සවස සිට සර්වරාත්‍රික පිරිත් පිංකමක් සංවිධානය කරීමක් සිදුවිය.
මේ දිනවල පැවැත්වෙන උස පෙල / සා. පෙල විභාග ගැන සහ, රාත්‍රී 10 පසු අධික ශබ්දය තහනම් නීතිය තුට්ටුවකට මායිමේ නොකර ඔවුන් මෙය සිදුකලේය.
මේය සංවිධානය කල පිරිස අතර එම සිසුවාගේ නැන්දා සහ මිත්තනියද සිටීම විශේෂත්වයක් වූ අතර, එම සිසුවගේ පියා, එම කර්තව්‍යය කිරීමට සාකච්ඡා කල දින සිටම මෙම කර්තව්‍යය තමගේ දරුවාගේ ඇතුලු ඒ අවට විභායට මුහුන දෙන තවත් දරුවන් වෙත රාත්‍රි පහවන තුරු සදුවන අපහසුතාවය දැන්වුවද, ඔවුන් කියා සිටියේ මෙය ඉතා පිං අධික පිංකමක් ලෙසත්, එයට එරෙහි වන්නේ අජාසත්තලා සහ මාර පුත්‍රයන් පමනක් බවත්ය.
ඔහුගේ ඉල්ලීම වූ මෙම කර්තව්‍යය එක් වෙනත් දිනක හෝ රාත්‍රී 10 පසු අධික ශබ්දය නොකරමින් කටයුතු කිරීම යන්න ඔවුන් නොසලකා හරින ලද අතර ඔවුන් පවසා තිබුනේ පෑලියගොඩ පොලිසියේ උසස් නිලධාරීන්ගේ සහයෝගය තමන්ට ඇති බවත්ය. එබැවින් තමන්ට කළ හැකි යමක් කරලා පෙන්වන මෙන්ද ඔවුන් ඔහුට තර්ජනාත්මක ස්වරූපයෙන් කියා තිබේ…
ඔවුන් මාරතු 22 වන දින සවස් යාමයේ සිට මධ්‍යම රාත්‍රී පසු කරමින්, හක්ගෙඩි පිඹිමින්, බෙර වයමින් පිරිත් සජ්ජායනාව මහ හඬින් සිදුකලේය.
පසුව එම සිසුවාගේ පියා පොලීසිය ගැන විශ්වාස තබා සිදුකල පැමිනිල්ලට අනුව, කිරිබත්ගොඩ පොලිස් ස්ථානාධිපතිතුමාගේ මැදිහත් වීමෙන්, රාත්‍රී 1:50 ට පමන, මෙම ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය වලක්වාලන ලද නමුත්. ඔවුන් විටින් විට හක්ගෙඩි පිඹිමින් බෙර වැයුවේ කිසිදු ලජ්ජාවක් හෝ චකිතයකින් තොරවය.
පිං කල යුත්තේ අනෙක් අයට හිරිහැර, භාදාවන් නොවන අයුරින් බව ශාස්තූවරුණ් ඉගැන්වූවද, ඔවුන්ගේ අනුගාමිකයින් හට ශ්‍රාවකයින් වෙත එය අනුශාසනා කිටීමට අමතකවීම සමාජයට කොතරම් අගති දායක ඉරනමක් අත්කලදේද?
අසාධාරණයක් වෙච්ච පුතාගේ තාත්තා