Spread the love

රට පුරා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා පාතාල ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමට සිදුකරන යුක්තිය මෙහෙයුම අතරතුර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු විසින් පොලිස් සැරයන්වරයෙකුට ගල් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

දෙමටගොඩ ප්‍රදේශයේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන අවස්ථාවක මෙම ප්‍රහාරයට ලක් වූ පොලිස් නිලධාරියා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ වහා ක්‍රියාත්මක ‍පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු ළඟ තිබී මෙරට නිෂ්පාදිත අත් බෝම්බයක් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක්ද සොයාගෙන ඇත.

මෙම වැටලීමේදී පොලිසිය පුද්ගලයන් පනස් තුන් දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.