Spread the love

ජාතික නිදහස් දිනය උතුරේ වැසියන්ට කලු නිදහස් දිනයක් බව පවසමින් යාපනය විශ්වවිද්‍යාලයේ ඔසවා තිබූ ජාතික කොඩිය බාමින් කලුකොඩියක් ඔසවා දැමීමට යාපනය විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් විසින් පියවර ගෙන තිබුණි.

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් විසින් මෙලෙස කලු කොඩි එසවීමෙන් පසුව විශ්වවිද්‍යල ඉදිරිපිට පැමිණ ජාතික නිදහස් දිනය සැමරීමට එරෙහිව විරෝධය පලකොට සිටියේ උතුරේ වැසියන්ට නිදහසේ නිදහස් දිනයක් සැමරීමට නොහැකි බවටය.

යුද්දයෙන් අතුරුදහන් වූවන්ගේ ගැටලු, දේශපාලන සිරකරුවන් නිදහස් නොකිරීම, උතුරේ ඉඩම් නිදහස් නොකිරීම, ඉඩම් කොල්ලය නතර කිරීම, යුද හමුදා කඳවුරු ඉවත් නොකිරීම ආදි වශයෙන් ඉල්ලීම් 15 කට ආසන්න ප්‍රමාණයක් මුල් කරගනිමින් මෙලෙස විශ්වවිද්‍යාල සිසුන් විශ්වවිද්‍යලය ඉදිරිපිටදී කලු කොඩි ඔසවමින් විරෝධතාවයේ නිරත වූහ.