Spread the love

යාපනය හා තමිල්නාඩුවේ ට්‍රිචි ගුවන්තොටුපොළ අතර දෛනික සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමට ඉන්දියාවේ ඉන්ඩිගෝ ගුවන් සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව මාර්තු මස 30 වන දින සිට එම කටයුතු ආරම්භ කරන බවයි ඉන්ඩිගෝ ගුවන් සේවය සඳහන් කරන්නේ.

යාපනය සහ ට්‍රිචි ගුවන්තොටුපොළ අතර ගුවන් ගමන් සඳහා පවතින ඉහළ ඉල්ලුම සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගන්නා බව ඉන්ඩිගෝ ගුවන් සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කළේ.