යාපනය දිස්ත්‍රික්කයේ නව ආගමන හා විගමන කාර්යාලයක් ස්ථාපිත කිරීමට තීරණය කර ඇතැයි මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
මෙසේ ස්ථාපිත කරන යාපනය දිස්ත්‍රික්කයේ නව ආගමන හා විගමන කාර්යාලය සඳහා සේවකයින් බඳවා ගැනීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇතැයිද ඇමතිවරයා පැවසුවේය.
මෙසේ ස්ථාපිත කරන කාර්යාලය පැය 24 පුරාම ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඇමතිවරයා මේ බව පැවසුවේය අද (08) පැවැති උත්සවයකට එක්වෙමිනි.