Spread the love

පිටිගල ප්‍රධාන මාර්ගයේ වල්ලඹගල ප්‍රදේශයේ මාර්ගයේ යතුරපැදියක ගමන් කරමින් සිටි ග්‍රාම නිළධාරි මහතකුගේ ඇග මතට කැපු අඹ ගසක් කඩා වැටීමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගතකර තිබේ.
මෙසේ ඇගමතට ගසක් වැටි ඇත්තේ ඇල්පිටිය බටුවන්හේන ග්‍රාම නිලධාරී මහතාට බව ඇල්පිටිය පොලිසිය පවසයි.
යතුරු පැදියේ ගමන් කරද්දී ගස වැටීමත් සමගින් තුවාල ලැබු ග්‍රාමනිලධාරී මහතා ඇල්පිටිය රෝහලට ප්‍රතිකාර සදහා ඇතුළු කලද තත්ත්වය බරපතල බැවින් වැඩි දුරප්‍රතිකාර සදහා ගාල්ල කරාපිටිය රෝහලට මාරුකර යවාතිබේ.

සිද්ධියට සම්බන්ධ පුද්ගලයකු මේ වනවිටත් අත්අඩංගුවට ගෙන ඇත
සිද්ධිය පිළිබද ඇල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂන පවත්වයි.