Spread the love

නිමල් රාජපක්ෂ-
අද සමාජයට විශාල පිලිලයක් බවට පත්වි ඇති අයිස් මත්ද්‍රව්‍ය පාසල් දරුවන් විශාල වශයෙන් බිලිබා ගැනීමට ජාවාරම් කරුවන් මාන බලයි . අයිස් මත්ද්‍රව්‍ය දිනක් භාවිත කලහොත් ඇබ්බැහි වන අතර සති දෙකක් ගතහොත් ඹවුන්ට වසර 20 කින් ආයුෂ කෙටිවන අතර ඹවුන්ට මරණය නියත බවද සුරාබදු කොමසාරිස් ජෙනාරාල් එම්.ජේ. ගුණසිරි මහතා පවසයි.

මෙම භයානක මත්ද්‍රව්‍යයක් .එය විශාල ව්‍යයසනයක් වන අතර පාසල් දරුවන් ඉලක් කරමින් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් බෙදා හරී . එය එක් වරක් භාවිතා කලහොත් ඇබ්බැහි වෙයි. අයිස් සම්බන්ධයෙන් වාර්ෂිකව ග්‍රහන තුන්දහසකට වැඩියෙන් සුරාබදු නිලධාරීන් සිදු කර තිබෙනවා. අයිස් මත්ද්‍රව්‍ය වලට විශාල වශයෙන් නැඹුරු කර ගන්නේ අවුරුදු 14- 16 -18 දරුවන්. මේ දරුවන්ට අත්දැකීම් නැහැ. දෙමාපියන්ගෙන් ඉල්ලන්නේ ඇබ්බැහි වුනායින් පසු දරුවන් ගැන සොයා බලා වැඩක් නැහැ. සති දෙකක් අයිස් මත්ද්‍රව්‍ය දරුවකු ගතහොත් මරණය නියතයි. ඇට මස් දියවී මරණයට පත්වනු නොඅනුමානයි. දෙපාපියන්ගෙන් හා ගුරුවරුන්ගෙන් දරුවන්ට ආදරය ලැබිය යුතුයි. .ගුරුවරුන් දරුවන් ලබා බුලත්විට ,සිගරුට් ගෙන්නා ගන්න එපා .
පාසල අවට වෙළද සැල් , සැලුන් ,සිල්ලර කඩ ,සතිපොල වල් ගැන සෙවිල්ලෙන් සිටිය යුතුයි. මෙම මත්ද්‍රව්‍යයේ බැරූරුම් කම කියා දිය යුතුයි. මේ නිසා විශාල සමාජ ව්‍යසනයක් හා පවුල් සංස්ථා නැතිවී යනවා. දෙමාපියන්ට පහරදීම් වැනි විශාල ව්‍යසනයක් සිදුවෙනවා. මේ වනවිට අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට නැබුරුවු පාසල් දරුවන් 80 කට වැඩි ප්‍රමානයක් පුනරුත්ථානය කර තිබෙනවා.

අයිස් භාවිතා කල දරුවකුට නින්ද යන්නැහැ. මත් ගතිය කාටවත් හොයන්න බැහැ. පාටිවලට යන්න දැඩි කැමැත්තක් දක්වනවා .ටික දිනකින් කෑම අරුචිය ඇතිවෙනවා.බලා ගත් අත බලා ඉන්නවා. දැරුවන් කෙරෙහි දෙමාපියන් දැඩි අවධානයෙන් සිටින්න . භාවිතයට පෙර දරුවන් ගැන සැලකිලිමත් වන්න . මත් ජාවාරම් කරුවන්ගෙන් ඉල්ලන්නේ මේදේ කරන්න එපා .එය ඹබේදරුවාටත් වෙන්න පුලුවන් . අපේ ආරක්ෂක අංශ . මත්ද්‍රව්‍ය නාශක අංශය , , සිවිල් සංවිධාන ,ගුරුවරුන් ,පුද්ගලික පංති කරන්නන් ,ආගමික නායකයින් හා ප්‍රභූවරුන් යන සියළු දෙනා අත්වැල් බැදගතහොත් මේ ව්‍යසනය නතර කල හැකියි යැයිද එම්.ජේ ගුණසිරි මහතා වැඩි දුරටත් පැවසුවේය.

වීඩියෝව නරඹන්න subscribe කරන්න