Spread the love


නිමල් රාජපක්ෂ-

මේ වසරේ ඔක්තෝබර් මාසය වනවිට ජනාධිපතිවරණය හෝ මහමැතිවරණය අනිවාර්යයෙන් පැවැත්වීමට රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

දීර්ඝ රාජ්‍ය තාන්ත්‍රික සේවා කාලයකට පසුව ශ්‍රී ලංකාවෙන් නික්ම යන ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් Michael Appleton මහතා පසුගියදා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී සාකච්ඡා කළේය. මෙම හමුව බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී සිදු වූ අතර එම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතා ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

නවසීලන්ත මහකොමසාරිස්වරයාගේ දීර්ඝ රාජ්‍ය තාන්ත්‍රික සේවාව අගය කළ කෘෂිකර්ම අමාත්‍යවරයා අප රටේ කිරි නිෂ්පාදන කර්මාන්තය ඉහළ නැංවීම සදහා නවසීලන්ත රජය මගින් ඉදිරියටත් සහයෝගය අපේක්ෂා කරන බව සඳහන් කළේය.
“ඔබ අපේ රට තුළ දීර්ඝ රාජ්‍ය තාන්ත්‍රික සේවාවක් ඉටු කළා. ඒ සම්බන්ධව මම රජය වශයෙන් ඔබට කෘතඥතාවය පළකරනවා” යැයි ද අමාත්‍යවරයා පැවසීය.