Spread the love

ශ‍්‍රී ලංකාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉදිරි දර්ශනය තමා අගය කරන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි.

ඉන්දියාවේ පැවත්වෙන “NXT Conclave 2025″ සමුළුවට සහභාගි වීමට ඉන්දියාවට ගොස් සිටින රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවේ ඉන්දීය අගමැතිවරයා එහි ඡායාරූපයක් තම සමාජ ජාල ගිණුමේ පල කරමින් මේ බව සඳහන් කර තිබේ.

” මගේ මිත්‍ර රනිල් වික්‍රමසිංහ මහතා NXT සමුළුවේදී හමු වුණා. මම සැමවිටම අපගේ අන්තර්ක්‍රියා දෙස බලා සිටි අතර විවිධ ගැටළු සම්බන්ධයෙන් ඔහුගේ ඉදිරි දර්ශනය අගය කර ඇත්තෙමි”