හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා නමැත්තාට අයත් බවට පැවසෙන නීතිවිරෝධීව එකලස් කරන ලද ඩිෆෙන්ඩර් රථ දෙකක් ඇතුළු ජීප් රථ 3 ක් පිංවත්ත හා රත්මලාන යන ප්‍රදේශවලදී වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය මගින් ඊයේ (01) සිය භාරයට ගෙන ඇත.
රජයේ ආයතනවලින් භාවිතයට නුසුදුසු ලෙස සඳහන් කරමින් ඉවත්කරන ලද වාහනවල අංක තහඩු යොදා අදාළ වාහන තුන භාවිත කර ඇති බවට සැක කරන බව පොලීසිය පැවසීය.