Spread the love


නිමල් රාජපක්ෂ

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සංවිධානය කරන “ජංගම සේවය” මඩකලපුවේ  සිටින  සේවාලාභීන්  ඉලක්ක කරගනිමින් නොවැම්බර් 21 සෙනසුරාදා උදේ 8:30 සිට සවස 4.00 දක්වා මඩකලපුව හින්දු විද්‍යාලයේදී පැවැත්වෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසයි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, නැගෙනහිර පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හා මඩකලපුව  දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒකාබද්ධව පවත්වනු ලබන මෙම  “ජංගම සේවය” තුළින් පහත සේවාවන්  පහසුවෙන්ම ලබාගත හැකි වේ.

*2014/2015 වර්ෂවල රාජ්‍ය නිලධාරීන්ට ලබා දුන් යතුරුපැදිවල කොන්දේසි ඉවත් කර අදාළ නිලධාරීන්ට පවරා දීම.

*, වාහනය ලියාපදිංචි සහතිකයේ යම් යම් සංශෝධන සිදු කිරීම.

  • නව රියැදුරු බලපත්‍ර සදහා   අයදුම්පත්‍ර බාර ගැනීම .

*රියදුරු බලපත්‍රයක හෝ වාහනයක තොරතුරු ඇතුළත් උදෘතයක් හෙවත් Extract එකක්  ලබා දීම .

*සියලුම වාහන සඳහා පැවරුම් ලියාපදිංචි කිරීම.

*   වාහනය පරීක්ෂා කර, බර සහතිකය හෝ අනන්‍යතා  සහතිකය   ලබාදීම.
*  සිලින්ඩර ධාරිතාව 50ට අඩු යතුරු පැදි ලියාපදිංචි කිරීම .

  • මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ යම් සේවාවක් සදහා අයදුම්කර තවම ඊට නිශ්චිත විසඳුමක් ලැබී නැති  ගැටළු සඳහා විසඳුම් ලබාදීම.
  • දීර්ඝ කාලයක සිට වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමට නොහැකිව අසාදු ලේඛන ගතවූ  වාහන  සඳහා නැවත ආදායම් බලපත්‍ර ලබා ගැනීමට නිර්දේශිත ලිපි නිකුත් කිරීම.

*සාක්ෂරතාවය අඩු පුද්ගලයින් සඳහා රියදුරු බලපත්‍ර ලබාගැනීමට  විශේෂ විභාග  පැවැත්වීම.

  • ආබාධිත පුද්ගලයන්  සඳහා රියදුරු බලපත්‍ර ලබාදීමට අවශ්‍ය වෛද්‍ය තාක්ෂණ කමිටුවේ නිර්දේශයන් ලබා දීම.
  • යතුරු පැදි සඳහා පමණක් දුර්වර්ණ වූ චැසි හා එංජින් අංක දේශීය වශයෙන් මුද්‍රණය කිරීම.
  • මාර්ග ආරක්ෂාව පිළිබඳව විශේෂ දැනුවත් කිරීමේ වැඩ සටහන්  පැවැත්වීම .

තැරැව්කරුවන්ට වංචාකරුවන්ට හසු නොවී,  මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙනම අවශ්‍ය සේවාවන් ඉටු කර ගැනීම සඳහා ඔක්තෝම්බර් 21 වෙනි සෙනසුරාදා උදේ 8:00 සිට සවස 4:00 දක්වා මඩකලපුව හින්දු විද්‍යාලයට පැමිණෙන ලෙස මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා මඩකලපු ජනතාව වෙත කාරුණිකව  දන්වයි.