Spread the love

මහනුවර සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 30 පමණ ප්‍රපාතයකයට පෙරලී ඇති බව හැටන් පොලීසිය පැවසීය.

(15) දින පස්වරු 4 පමණ මෙම අනතුර සිදුවී ඇත්තේ හැටන් මහනුවර ප්‍රධාන මාර්ගයේ හැටන් කුයිල්වත්ත ප්‍රදේශයේදීය.

මෝටර් රථය අනතුරට පත්වන අවස්ථාවේ මෝටර් රථය තුල රියදුරා පමනක් ගමන් කර ඇති බවත්.අනතුරෙන් රියදුරාට කිසිදු තුවාලක් සිදුවී නොමැතිවුවත් අනතුරෙන් මෝටර් රථයයට දැඩි අලාභහානි සිදුවී ඇති බවත්. ධාවනය වෙමින් තිබු මෝටර් රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් අනතුරට හේතුව වී ඇති බවට අනතුර පිළිබදව පරීක්ෂණ පවත්වන හැටන් පොලීසිය සැක කරයි.