Spread the love

ගාල්ල-විජේසිංහ

ගාල්ලේ සිට කොළඹ බලා ධාවනයවු සුබෝගඛෝගී මෝටර් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව පාරෙන්ඉවතට පැන ඉදුරුව දුම්රිය ස්ථානාධිපති නිලනිවාසයක තාප්පයක ගැටී අද උදෑසන අනතරුක් සිදුවී ඇත.


අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ යුවලක් ගමන් කර ඇති අතර ඹවුන් සුළු තුවාල ලබා ඇතැයිද ඉදුරුව පොලීසිය පවසයි.

අධික වේගය නිසා තාප්පයේ මෝටර් රථය ගැටීමෙන් මෝටර් රථයට බරපතල හානි සිදුවී ඇත . දුම්රිය නිලනිවාසයේ තාප්පයටද දැඩි ලෙස හානි සිදුවී තිබේ.
සිද්ධිය පිළිබදව ඉදුරුව පොලීසිය වැඩි දුර පරික්ෂණ පවත්වයි.