Spread the love

වසරේ මේ දක්වා කාලය තුළ වන අලීන් 400 දෙනෙකු පමණ මියගොස් ඇතිබව වනජීවි අධ්‍යක්ෂ ජෙනරාල් චන්දන සූරියබන්ඩාර මහතා පවසයි.

මෙරට වන අලි ගහනය 6000ක් පමණ වන අතර ඉන් වන අලීන් 200 පමණ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මියගොස් තිබේ.

මිනිසුන් සිදුකරන වෙඩිතැබීම් වලින් සහ රිය අනතුරු හේතුවෙන් එලෙස මියගොස් තිබේ.

ඊට අමතරව විවිධ රෝග හේතුවෙන් ද වන අලීන් මිය යන බව පැවසුවේය.