Spread the love

මේ වසර අවසන් වීමට පෙර මහවැලි ඉඩම් සඳහා උරුමය සින්නක්කර ඔප්පු 53000ක් ජනතාවට ලබාදෙන බව වාරි මාර්ග අමාත්‍යංශයේ ලේකම් සමන් දර්ශන පාඩිකෝරාල මහතා පැවසීය.

ගොවිජනතාව මීට පෙර භාවිතා කර ඔප්පු මේ වනවිට මහවැලි අධිකාරිය භාරයට ගෙන ඇතිබව පැවසීය.

කුඹුරු සහ ගොඩ ඉඩම් සඳහා එම ඔප්පු ලබාදීමට නියමිත බව ලේකම්වරයා පැවසීය.

ගොවීන්ට මේවන විට ලබාදී ඇති බලපත්‍ර වෙනුවට සින්නක්කර ඔප්පු ලබා දෙන බව පැවසීය.

සින්නක්කර ඔප්පු ලබාදීමෙන් ගොවිජනතාවට ඉඩමේ අයිතිය තහවුරු කර ගැනීමට හැකිය.

ඉඩම් ඔප්පු එක්ලක්ෂ විසිදහසක් පමණ මෙම වසරේ ගොවීන්ට ලබාදීමට නියමිතයි.