Spread the love

නාගොඩ සුමන

2025 වසරේ සිංහල සහ දෙමළ සිසුන් සඳහා පළමු පාසල් වාරය හෙට (27) ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
පළමු පාසල් වාරය අදියර තුනකින් ක්‍රියාත්මක වෙයි.
ඒ අනුව පළමු අදියර හෙට සිට මාර්තු 14 දක්වා ක්‍රියාත්මක වෙයි.
2024 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා නිවාඩු එලෙස නිවාඩු හිමි වෙයි.
ඉන් පසු පළමු පාසල් වාරයේ දෙවන අදියර අප්‍රේල් 01 සිට අප්‍රේල් 11 වැනිදා දක්වා ක්‍රියාත්මක වෙයි.
ඉන් පසු සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පළමු පාසල් වාරයේ තෙවන අදියර අප්‍රේල් 21 සිට මැයි 09 දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
2025 වසරේ දෙවන පාසල් වාරය මැයි 14 සිට අගෝස්තු 07 දක්වා පැවැත්වෙයි.
තෙවන පාසල් වාරය අදියර දෙකකින් ක්‍රියාත්මක අතර පළමු අදියර අගෝස්තු 18 සිට ඔක්තෝබර් 17 දක්වා පැවැත්වෙයි.
2025 වසරේ තෙවන පාසල් වාරයේ දෙවන අදියර නොවැම්බර් 17 සිට දෙසැම්බර් 19 දක්වා පැවැත්වෙයි
මෙම වසරේ දී පාසල් පවත්වන දින ගණන සංශෝධනය කර බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
වසරකට පාසල් පවත්වන දින ගණන 210ක් වුවද මෙම වසරේ දී එය දින 181ක් දක්වා අඩු වී තිබේ.
රජයේ නිවාඩු දින විශාල සංඛ්‍යාවක් මෙන්ම පාසල් වල පළමු වාරය ආරම්භ කිරීම ප්‍රමාද වීමත් පාසල් පැවැත්වීමේ දින ගණන අඩුවීමට හේතුවී  තිබේ.
ඒ අනුව මෙම වසරේ රජයේ නිවාඩු දින 26ක් ඇති අතර ඉන් සති අන්තයේ යෙදී ඇත්තේ දින 04 කි.
අනෙක් සියලු දින සතියේ දිනවලට යෙදී ඇති බැවින් මෙලෙස පාසල් පැවැත්වීමේ දින ගණන 181ක් දක්වා සීමා වී ඇතිබව එම අමාත්‍යංශය පවසයි.
මේ අතර 2024 පාසල් වාරය පසුගිය සිකුරාදා (24) අවසන් විය.