Spread the love

මොනව කරන්න ගියත් මේ රටේ විරෝධයක්, උද්ඝෝෂණයක්, චෝදනාවක් නැතුව කිසිම දෙයක් කරන්න ලැබිල නෑ. මේක තමයි ශ්‍රී ලංකාවේ සිදුකරන විශාලතම පෞද්ගලිකකරණය යැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කරයි.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවති ඉඩමක අයිතිය නොමැති ලක්ෂ 20ක ජනතාවක් වෙත ඉඩම් ඔප්පු ලබාදීමේ “උරුමය” උත්සවයට සහභාගී වෙමිනි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා

උතුරේ පේදුරුතුඩුවේ සිට දකුණේ දෙවුන්දරතුඩුව දක්වා සෑම පුරවැසියෙකුටම ජාතිය, ආගම, කුළය, පක්ෂය, ප්‍රදේශය, භාෂාව ආදී කිසිඳු වෙනසකින් තොරව, භේදයකින් තොරව, තරාතාරමකින් තොරව ඔබගේ මව් පොළවේ තමන්ටම කියා සින්නක්කර අයිතීන් උරුමය ලබාදීම අද අතිගරු ජනාධිපතිතුමා විසින් ආරම්භ කරනව.

මම හිතෙන විදියට, මට හැගෙන විදියට එක පැත්තකින් මේක තමයි මේ රටේ කරන දැවැන්තම පෞද්ගලිකකරනය. රජයේ භූමියේ, රජයේ දේපල කිසිඳු කොන්දේසියකින් තොරව සින්නක්කර මහජනතාව වන ඔබ තමන්නාසේලාට මේ අවස්ථාව ලබල දෙනව. මම තරුණ දේශපාලඥයෙක්. අපි අලුත් දේශපාලන පරම්පරාවක් නියෝජනය කරන පිරිසක්. ජනාධිපතිතුමා මේ රට භාර ගද්දි, අපි මේ තනතුරු භාර ගද්දි රට තිබුනෙ ගිනි ගොඩක. එක පැත්තකින් තෙල් පෝලිම්, එක පැත්තකින් පිටි පෝලිම්, අනිත් පැත්තෙන් ගෑස් පෝලිම්. පැය 16 ක විදුලි කප්පාදුවක් නිසා මහා පීඩනයක මේ රටේ ජනයා හිටිය. ඒ අපි තේරුම් ගන්න ඕන. මේ රටේ උද්දමනය 98% යි. නීතියේ ආධිපත්‍ය බිඳවැටිල තිබුන. රාජ්‍ය පරිපාලය බිඳවැටිල තිබුණ.

එක පැත්තකින් එහෙම තිබුනු රටේ අතිගරු ජනාධිපතිතුමනි මාස 16 කට පස්සෙ අපි මහා ජනතාව මේ ඓතිහාසික රංගිරි පුදබිමට ගෙනල්ල, ඔප්පු ලබාදීම කෙතරම් වාසනාවක්ද කියල අපි කල්පනා කරනව. මේක ඓශ්චර්යක් විදියටයි අපි දකින්නෙ, කල්පනා කරන්නෙ. මෙතන තියෙන්නෙ එක ප්‍රධාන සාධකයක් පමණයි. ඒ රටට ලැබුනු පරිණත නායකත්වය පමණක් බව අපි මේ වෙලාවෙ ගෞරවයෙන් සිහිපත් කරනව.

මොනව කරන්න ගියත් විරෝධයක්, උත්ඝෝෂනයක්, චෝදනාවක් නැතුව කරන්න ලැබිල නෑ. මේ ඓතිහාසික කටයුත්තට හිනාවෙන, චෝදනා කරන පිරිසක් ඉන්නව.

මම පුංචි සන්දියෙ මීට වසර 30 කට විතර කලින්, දඹුල්ලෙ වෙච්ච ලොකුම විරෝධය ඇති වුනේ කණ්ඩලම හෝටලය ඉදිකරද්දි. කණ්ඩලම හෝටලය ඉදිකරපු දවසට කණ්ඩලම වැවෙන් වතුර අරගෙන ඉවරයි කිව්ව. වැව හිදෙනව කිව්ව. ගොවිතැන් කරල ඉවරයි කිව්ව. අද වගෙම එදත් ප්‍රදේශයේ සිටින ජනතාවගෙත්, ගරුතර මහා සංඝරත්නයගෙත් ඔළු අවුල් කලා, සත්‍ය විකෘති කලා, පෙළපාලි ගියා, උත්ඝෝෂණ කලා. අවුරුදු 30 කට කලිනුත් අද වගේම තමයි. අවුරුදු 30 කට පස්සෙ හෝටලය ඉදිකරල, වැව තමා තියෙනව. වැවෙන් වතුර අරන් ගොවිතැන් කරනව. ඒ වගේම එදා ගමේ උත්ඝෝෂණයට නායකත්වය දීපු නායකයාගේ දරුවා වැඩකරන්නෙ කණ්ඩලම හෝටයේ කියන එම මම මේ වෙලාවෙ මතක් කරනව.