මාර්තු අග වන විට දේශීයව නිෂ්පාදනය කළ ලුණු තොග වෙළෙඳපොළට මුදාහැරීමට ලුණු නිෂ්පාදකයින් තීරණය කර තිබේ.
එසේ කිරිම සදහා ලුණු නිෂ්පාදකයින් සහ පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් අතර පැවති සාකච්ඡාවකදී ලුණු මිල ස්ථාවරව පවත්වාගෙන යාමට නිෂ්පාදකයින් එකඟතාව පළකර තිබේ.
පසුගිය කාලයේ විවිධ මිල ගණන් යටතේ ලුණු අලෙවි කිරීම, ලුණු හිඟය සහ ක්ෂේත්රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් එහිදී දීර්ඝව සාකච්ඡා කර ඇත.
.