Spread the love

රටක් බංකොළොත් කර විනාශයට පත් කිරීමේ මහා අපරාධයේ අවසාන සාක්ෂිකරු හා වගකිව යුත්තා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බව ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් පැවසුහ.

ගෝඨාභය රාජපක්ෂ සිය කෘතියේ අවසාන පිටුවේ “මාගේ ඡන්ද දායකයින් මාගෙන් බලාපොරොත්තු වූ දෙය ඉටු කිරීමට නොහැකිවීම සම්බන්ධයෙන් මහජනතාවගෙන් සමාව අයැද සිටිනවා” යනුවෙන් සඳහන් කර ඇති බව උන්වහන්සේ මාධ්‍ය හමුවක් අමතමිනි.

එසේ සමාව අයැදීමට තීරණය කිරීම නිවැරදි ක්‍රියාවක් වුවද, සමාව අයැදීමට පෙර වෙච්ච දේ වූ බවයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් වැඩිදුරටත් සඳහන් කළේ.