Spread the love

අද රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කරමින් ඉන්නේ තමන් නියෝජනය කරන කණ්ඩායමේ වැඩපිළිවෙළ බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

අද වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිටින්නේද තමන් නියෝජනය කරන වැඩපිළිවෙළ තුළ බවද හෙතෙම කියා සිටී.

එම වැඩපිළිවෙළ ඉදිරිපත් කරන්නේ සජිත් ප්‍රේමදාස ද රනිල් වික්‍රමසිංහ ද යන්න සුළු කාරණාවක් බවද හෙතෙම පෙන්වා දෙයි.

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කිරීමේදී සමගි ජන බලවේගය විසින් පාර්ලිමේන්තුව වර්ජනය කළද රාජිත සේනරත්න මහතා ඇතුළු පිරිසක් එම තීරණයෙන් ප්‍රතික්ෂේප කරමින් සභා ගැබේ රැදී සිටියේය.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.