Spread the love

මිල දී ගැනීමේ හැකියාව ඉහළ මට්ටමක පැවතීම සහ රුපියල ශක්තිමත්වීම හේතුවෙන් ආනයන වියදම අඩුවීම මත අප්‍රේල් මාසයේ දී මෙරට උද්ධමනය තවදුරටත් අඩු වී තිබෙනවා.

මෙය මේ වසර අවසානයේ උද්ධමනය තනි ඉලක්කමකට ගෙනඒමේ ශ්‍රී ලංකා මහබැංකුවේ උත්සහයට සුබවාදී බලාපොරොත්තුවක් බවයි අන්තර්ජාතික වශයෙන් ආර්ථික පුවත් විශ්ලේෂණ පළ කෙරෙන වෙබ් අඩවියක් වන බ්ලූම්බර්ග් වාර්තා කරන්නේ.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව , වර්ෂයකට පෙර තත්වය සමග සංසංදනය කිරීමේදී අප්‍රේල් මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකය වැඩිවී ඇත්තේ සියයට 35.3 කින්.
නමුත් පසුගිය මාර්තු මාසයේදී එය සියයට 50.3 කින් වැඩි වී පැවතුණා.

බ්ලූම්බර්ග් දර්ශකයන්ට අනුව මෙය සියයට 37.8 කින් ශක්තිමත්වීමක්.