Spread the love

මෙක්සිකොවේ මොරෙලෝස් හි නිවසක් තුළ සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ නීතිවිරෝධි ලෙස පුපරණ ද්‍රව්‍ය ගබඩා කර තිබූ නිවසක් තුළ මෙම පිපිරීම සිදුව ඇති බවය.

එහිදී තවත් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ.

තුවාල ලැබූ පිරිසෙන් කිහිපදෙනෙකු බරපතළ තත්ත්වයේ පසුවන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.