Spread the love

දකුණු මුහුදු ප්‍රදේශ රළු වීමත් සමග මේ දිනවල මුහුදු රළ ගොඩබිමට පැමිණිම ආරම්භ කර ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ගාල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ආර්.එල්.ඩී.ලියනගේ මහතා පැවසීය.

ඒ අනුව ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ සමුද්‍ර මාවත ප්‍රදේශයෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණෙමින් තිබේ.

ඒ හේතුවෙන් සමුද්‍ර මාවතට කැලි කසළ සහ වැලි ගසාගෙන එමින් පවතියි. ඒ හේතුවෙන් බොහෝ ස්ථාන වල විශාල වැලි තට්ටු පවතියි.

ඒ හේතුවෙන් රථවාහන ධාවනය කිරීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුය.

චන්ඩ මුහුදු රලට හසුවීමෙන් සමුද්‍ර මාවතේ පැති බැමි සඳහා හානි සිදුව තිබේ.

මේ අතර ජාකොටු වැල්ලේ නතර කර තිබූ බෝට්ටුද රළ පහරට හසුව මාර්ගයට ගසා ගෙනවිත් තිබේ.

සමුද්‍ර මාවත මාර්ගයේ ඇති අපද්‍රව්‍ය සහ වැලි ඉවත් කිරීමේ කටයුතු මහ නගර සභාවේ බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් සිදුකරන බව සහකාර අධ්‍යක්ෂවරයා පැවසීය.

එම කටයුතු සඳහා ගාල්ල පොලිසියේ සහයෝගය ද ලැබී තිබේ.