Spread the love

නිමල් රාජපක්ෂ-

මරදාන දුම්රිය ස්ථානයෙන් උදෑසන 05.45 ට දකුණු කළුතර බලා ධාවනය වන දුම්රිය අද පෙරවරු 7.20 ට පමණ දකුණු කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේදී පිලීපැනීම හේතුවෙන් දුම්රිය ධාවනය සම්පුර්ණයෙන් ම ඇන හිට තිබේ.

දුම්රියේ මැදිරි 03 ක් මෙසේ පිලී පැනිමකට ලක්වීමත් සමගින් අද දින සිංහල හිංදු අළුත් අවුරුද්ද වෙනුවෙන් ගම් බිම් බලා යාමට පැමිණි ජනතාවට දැඩි අපහාසුතාවයට පත් ඇත.

දුම්රිය පිළී පැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය මාර්ග දෙකම අවහිරව ඇතැයිද දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි. .