සයිබර් ප්‍රහාරයට ලක්වූ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය මේ වනවිට යථා තත්ත්වයට පත් කර තිබේ.ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ඒ බව පැවසීය.කෙසේවෙතත් අදාළ සයිබර් ප්‍රහාරය කුමන පාර්ශ්වයක් සිදුකළේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැති බව සඳහන්ය.පසුගිය දෙසැම්බර් මස 30 වන දින රාත්‍රියේ පොලීසියේ සමාජ මාධ්‍ය ජාලාවලට ද සයිබර් ප්‍රහාරයක් එල්ල වූ අතර, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ද එවැනිම ප්‍රහාරයක් එල්ල වී තිබුණි.