Spread the love

නිමල් රාජපක්ෂ-

ජාඇල මුතුරාජවෙල උස්වැටකෙයියාව ප්‍රදේශයේ මහාපරිමාණයෙන් පවත්වාගෙන ගිය කසිප්පු ස්කාගාරයක් වටලා රුපියල් ලක්ෂ 50කට අධික වටිනා නීති විරෝධී කසිප්පු ස්ප්‍රීතු හා උපකරණ තොගයක් කොළඹ නගරයේ සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

මත්පැන් නිෂ්පාදනාගාරයේ තිබී නීති විරෝධීව පෙරන ලද ස්ප්‍රීතු බෝතල් 5000ක පෙරීම⁣ට සුදානම්කර තිබූ ගෝඩා බැරල් 50කට අධික පුමාණයක් අත්අඩංගුවට ගත් බව බස්නාහිර පලාත 1 සහකාර සුරාබදු කොමසාරිස් ජයන්ත සිල්වා මහතා පවසයි.

අදාල සිද්ධිය පිළිබදව වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බවද සුරාබදු නිලධාරී පවසයි.

සුරාබදු කොමසාරිස් ජනරාල් නිශාන්ත ජයවී මහතාගේ උපදෙස් මත, බස්නාහිර පලාත 1 භාර සහකාර සුරාබදු කොමසාරිස් ජයන්ත සිල්වා මහතාගේ අධීක්ෂණයෙන් , කොළඹ නගරය 1 සුරාබදු අධිකාරී හා කොළඹ නගරය සුරාබදු කාර්යාලයේ ස්ථානාධිපති තිලක් දිසානායක මහතාගේ මෙහෙයවීමෙන් හා සහභාගිත්වයෙන් කොළඹ නගරය සුරාබදු ස්ථානයේ හා 1913 සුරාබදු මෙහෙයුම් මැදිරියේ සුරාබදු නිලධාරීන් මෙම වැටලීම සිදු කළහ

වීඩියෝව නරඹන්න