Spread the love


නිමල් රාජපක්ෂ-

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියේ පවත්වන ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට සුදානම් බවත් , ඊළඟට බලයට පත්වන ජනාධිපතිවරයා සියළු දෙනාගේ සහයෝගය ලබාගත හැකි අයෙකු වීම අනිවාර්ය බවත් නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග පවසයි.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (06) පැවැති ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ ප්‍රගති සමාලෝචන රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ,

ප්‍රශ්නය – විදුලිබිල වැඩිවීම සම්බන්ධයෙන් මොකක්ද කියන්නේ.
පිළිතුර – අපි හැමෝම දන්නවා පසුගිය අවුරුද්දකට කලින් මේ රටේ මොකක්ද වුණේ කියලා. පැය 13 ක් විදුලිය කපා දැමූ රටක්. ඉන්ධනවල ගැටළුවක් තිබුණා. අත්‍යාවශ්‍ය බෙහෙත්වල ගැටළුවක් තිබුණා. දැන් ක්‍රමානුකූලව රට ස්ථාවර වෙමින් තිබෙනවා. අපි විශ්වාස කරනවා ජනවාරී, පෙබරවාරී මාසය වන විට විදුලි බිල අඩු කරන්න ලැබෙයි කියලා.
ප්‍රශ්නය – වැට් බද්ධ එකතු වෙනවද?
පිළිතුර – වැට් බද්ද එක්තු වෙනවා. හැබැයි තිබෙන තත්ත්වයට වඩා සහනයක් වෙයි කියලා අපි විශ්වාස කරනවා.

ප්‍රශ්නය – ඉදිරි වර්ෂය මැතිවරණ වර්ෂයක් විදියට ප්‍රකාශයට පත්වෙලා තිබෙනවා. ඔබතුමාලා කොහොමද තරග බිමට එන්නේ.
පිළිතුර – සියයට තුනක් තිබෙන පක්ෂයක් මේ රටේ බලයක් එක පාරට ගන්න නම් මේ රටේ මිනිස්සු කී දාහක් වෙනස් වෙන්න ඕනිද? හැබැයි අපිට පේනවා පොහොට්ටුවේ යම් ප්‍රමාණයක් යම් පසුබෑමකට ලක් වූනා මේ සිද්ධියත් එක්ක. හැබැයි අද ඒ අය තේරුම් අරන් ඉන්නවා ඒ අය අද අපිත් එක්ක එකතු වෙනවා. මේ රටේ බහුතර බලය තියෙන්නේ එක්කෝ අපිට එක්කෝ සජබයට එක්කෝ එක්සත් ජාතික පක්ෂයටයි. සියයට තුන කොහොමද එක පාර සියයට පනස් එකක් කරන්නේ. ඒ අයගේ එකම කණ්ඩායම රට පුරා යනවා ඒක හොඳයි. අපි කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යහුයට එනවා නම් හොඳයි මිනි මරන්නේ නැතිව. අපි දැක්කා ලාල් කාන්ත මන්ත්‍රීතුමා කියලා තිබුණා ඒ අයගේ ආණ්ඩුවක් ආවොත් මර්දනය පටන් ගන්නවා කියලා. අපි කවදාවත් මර්දනය කරපු මිනිස්සුන්ගෙන් මරපු ලේ දැක්ක පක්ෂයක් නෙමෙයි අපේ පක්ෂය.
ප්‍රශ්නය – ඔබතුමා හිතන විදියට එජාපයත් සියයට 3 ගත්ත කොට්ඨාශයක්නේ පසුගිය මැතිවරණයේ
පිළිතුර – මම කියන්නේ ඒකයි ඊළගට එන කුමන හෝ ජනාධිපතිවරයා එන්නේ සියලු දෙනාගේ සහයෝගය ගන්න පුළුවන් කෙනෙක්.