Spread the love

මීළඟට පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් මෙරට ජනාධිපතිවරයා ලෙස අනුර දිසානායක මහතා පත්වීම ස්ථිර බවත් නියත බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හෙරත් මහතා සඳහන් කරයි.

එමෙන්ම ඊළඟ මැතිවරණයෙන් ජාතික ජන බලවේගය පාලන බලය ලබාගෙන රට නව යුගයකට ගෙනයන බවද ඔහු කියා සිටියේය.

එළඹෙන සැප්තැම්බර් 17 වැනිදාට පසුව එළැඹෙන්නේ මෙරට දුක් විඳින ජනතාවගේ යුගය බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ජාතික ජන බලවේගය වැඩපිළිවෙළක් සහිතව එම නව යුගයට නායකත්වය ලබාදීමට සූදානම් බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ හැටන් ප්‍රදේශයේදී පැවති ජාතික ජනබලවේගයේ ජන හමුවක් අමතමිනි.