Spread the love

නිමල් රාජපක්ෂ
දිවුලපිටිය හා මීරිගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙකෙහි කල සෝදිසි මෙහෙයුම් වලින් මත්පැන් ජාවාරම් කරුවන් මිනුවන්ගොඩ හා අත්තනගල්ල යන අධිකරණ වෙත ඉදිරිපත් කොට , ,බලපත්‍ර ස්ථානවලන සිදු කරන වැරදි සදහා කාර්මික අපරාධ වාර්තා ලබා දි සමථ ගාස්තු අයකරමින් රුපියල් හයකෝටි පනස්හය ලක්ෂඅනුතුන්දාස් තුන්සිය හතළිහක දඩ ආදායමක් රජයට ලබා දිමට හැකිවු බව මීරිගම සුරාබදු ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරික්ෂක වයි.ඒ.එ්.ඩී යාපා මහතා පවසයි.

මෙසේ දඩ ආදායම් ලබා දීමට හැකිවුයේ පසුගිය වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට දෙසැම්බර් මස 31 වැනිදා දක්වා කාලසිමාව තුළ සිදු කළ වැටලිම් වලිණී . මෙහිදී සැකකරුවන් 602 අත්අඩං’ගුවට ගැනිමට ද මීරිගම සුරාබදු නිලධාරින් සමත්විය.
නිති විරෝධි මත්පැන් පෙරිම , ගෝඩා සන්තකයේ තබා ගැනිම, බලපත්‍ර නොමැතිව අරක්කු විකිණීම , ප්‍රමාණය ඉ ක්මවා සන්තකයේ තබා ගැනීම, විදේශ මත්පැන් විකිණීම යන කරුණු අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. මීට අමතරව බීඩි කර්මාන්තය නියාමනයකට ලක්කොට නිෂ්පාදන ආයතන 80 කින් පමණ නිෂ්පාදන බදු වශයෙන් රුපියක් හාරකෝටි අසුහත් ලක්ෂ අසුහත්දාන් තුන්සිය හතළිහක බද්දක් සුරාබදු දෙපාර්තුමේන්තුවට අයකර දී ඇතැයිද පැවසුවේය.
මෙහිදි මත්පැන් ජාවාරම් කරුවන් අධිකරණ වෙත ඉදිරිිපත්කොට රුපියල් තිස්ලක්ෂ විසිදාස් පන්සියයක් දඩ ආදායමක් ලබා ගැනිමට හැකීවි තිබිණ.
තව දුරටත් අදහස් දැක්වු මීරිගම සුරාබදු ස්ථානාධිපති යාපා මහතා