නිමල් රාජපක්ෂ
රුපියල් මිලියන 97ක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සිය ගමන් මල්ලේ සඟවා ගෙන කටුනායක ගුවන්තොටුපොළේ ‘හරිත මාවත’ ඔස්සේ පිටවී යාමට තැත් කළ විදේශිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
66 හැවිරිදි බොස්නියානු ජාතිකයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
ඔහු සිය ගමන් මල්ලේ, පාද පිරිසිදු කිරීමට යොදා ගන්නා බුරුසු (brush) 114ක් තුළ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02යි ග්‍රෑම් 759ක් සූක්ෂම ලෙස සඟවා ගෙන පැමිණ තිබූ බවයි සඳහන් වෙන්නේ.
අත්අඩංගුවට ගත් බොස්නියා ජාතිකයා සහ කොකේන් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන ඇත.