Spread the love

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL126 ගුවන් යානයෙන් චෙන්නායි නගරය හරහා ශ්‍රී ලංකාවට පැමිණි මගීන්ගේ ගමන් මළු වල ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබු රුපියල් මිලියන හාරසියයක් වටිනා ස්වර්ණාභරණ තොගයක් සමගින්ශ්‍රී ලාංකික පුද්ගලයින් සිවු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

ඉන්දියාවේ ආදායම් බුද්ධි අංශයෙන් රේගු අධ්‍යක්ෂ ජනරාල් තුමා වෙත ලැබුණ තොරතුරක් විශ්ලේෂණය කිරීම මගින් අද දින (09) දින ඉන්දියාවේ චෙන්නායි නගරයේ සිට පැමිණි මෙම ශ්‍රී ලාංකිකයින් ලග තිබී මෙම ස්වර්ණාභරණ තොගය සොයා ගැනීමට සමත්වු අතර අත්අඩංගුවට ගත් ස්වර්ණාභරණ තොගයේ බර කිලෝ 22 ක් බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.


මෙම ණ ස්වර්‍ණාභරණ තොගයක් සහ ද්‍රාවණයක් ලෙස සකස් කල රන් කුඩු තොගයක් සොයා ගත් අතර මෙම ස්වර්‍ණාභරණ හඳුනා ගත නොහැකි වනසේ ඉතා සූක්ෂ්ම ලෙස වෙනත් වර්ණ ආලේප කර තිබුණි. ද්‍රාවණයක් ලෙස සකස් කල රන් කුඩු ඉතා සූක්ෂ්ම ලෙස කැප්සුල් වශයෙන් සකසා තිබුණද , මීට අමතරව රන් ආලේපිත ඇදුම් තිහක් ද මෙම භාණ්ඩ අතර තිබී සොයා ගන්නා ලදී.
සිද්ධිය පිළිබදව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් වැඩි දුර පරික්ෂණ පවත්වයි.