Spread the love

එකම පවුලේ සහෝදරියන් දෙදෙනකු නෝර්වේ පදිංචි ශ්‍රී ලාංකිකයෙකු රවටා රුපියල් මිලියන 120ක් වංචා කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනා අවුරුදු 30, 34 වයස්වල පසුවන යාපනය ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සහෝදරියන් බවයි පොලීසිය පවසයි.

මියගිය සිය පියාගේ නමින් රුපියල් කෝටි 100 ක් හා රන් භාණ්ඩ පෞද්ගලික බැංකුවක තැම්පත් කර ඇති බවත් ඒවා නීතිමය වශයෙන් නිදහස් කර ගැනීමට අවශ්‍ය බව පවසමින් නෝර්වේ පදිංචි ශ්‍රී ලාංකිකයෙකුගෙන් මෙලෙස මුදල් වංචා කර ඇත.

අදාල කාන්තාවන් දෙදෙනාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දෙසැම්බර් 01 වනදා දක්වා රිමාන්ඩ් කර ඇත.