Spread the love


නිමල් රාජපක්ෂ
රුපියල් මිලයන 25 ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන තායිලන්තයේ බැංකොක් සිට මෙරටට පැමිණි ඉන්දියානු යුවළක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අද දහවල් අත්අඩංගුවට ගෙන ඇත.


අදාල යුවළ යු .එල් 403 දරණ ගුවන් යානයෙන් අද දහවල් 11 .00 මණ ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් මෙරටට පැමිණ තිබේ. වයස අවුරුදු 30 සැකසහිත යුවළ පරික්ෂා කිරීමේදී ඹවුන්ගේ ගමන් මළුවල සගවා තිබී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්‍යක්ෂ ජෙනරාල් සීවලි අරුක්ගොඩ මහතා පවසයි.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සැකසහිත බැවින් වැඩි දුර විමර්ශනය සිදු කිරිම සදහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාර දී තිබේ.