Spread the love


නිමල් රාජපක්ෂ-

ඉස්සන් වගාව සහ මිරිදිය මත්ස්‍ය වගාව මෙරටට විදේශ විනිමය රැගෙන එන ප්‍රධාන මාර්ගයක්බවට පත් වි ඇති බවත්. මෙවැනි වගාවන් සදහා ධීවර අමාත්‍යංශය වශයෙන්
විශාල ලෙස ආධාර උපකාර කරන බැවින් එම ආධාර උපකාර රැගෙන මෙවැනි ගොවිපළවල් බිහි කිරිම මෙරට අයෝජකයින්ගේ යුතුකමක් බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

ඇමතිවරයා එසේ පැවසුවේ,සිමා සහිත Ceylon sea food farm පුද්ගලික සමාගම විසින් රුපියල් මිලියන 1000 ක පමණ ආයෝජනයක්යෙදා කිලිනොච්චි දිස්ත්‍රිකයේ කවුදාරිමුනේයි ප්‍රදේශයේ ඉදිකරන ලද අක්කර 25 වපසරයකින් යුත් ඉස්සන් ගොවිපල අවස්ථාවේදියි .
මෙම ඉස්සන් ගොවිපල කවුදාරිමුනේයි kn/68 දරණ ග්‍රාම නිලධාරි කොට්ටාසය වන මිනාරිඔඩේයි ගම්මානයේ ආරම්භ කර ඇති අතර මෙහි විශාල පිරිසක් රැකියාවල යේදි සිටියි.
මේතුලින් රටට පැමිණේන විදේශ විනිමය හා අපේ රටේ ජනතාවගේ ප්‍රෝටීන් අවශ්‍ය තාවය ඉටුකර ගැනිම සදහා මෙම ඉස්සන් වගාව වැදගත් බවද පෙන්වා දුන් අමාත්‍යවරයා විශේෂයේන් සංචාරක ව්‍යපාරය දියුණුවන මේ අවස්ථාවේ සංචාරකයන්ගේ ප්‍රධානතම ආහාරයක් වන ඉස්සන් නිෂ්පාදනය කිරිම මේ අවස්ථාවේ ශ්‍රි ලංකාවේ
ආයෝජකයන්ගේ අදායම වර්ධනය කර ගැනිමට හැකි බවද ප්‍රකාශ කලේය.