කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් මතට අද (06) අලුයම විශාල ප්‍රමාණයේ ගසක් කඩා වැටීමෙන් මියගිය මගීන් සදහා එක් අයෙකුට රුපියල් ලක්ෂ 05 බැගින් ලබා දෙන බවට ජනාධිපති ලේකම්වරයා උපදෙස් දුන් බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් අල්විස් මහතා පැවසුවේය.
තුවාලකරුවන්ගේ සුවදුක් විමසීම සඳහා වැඩබලන ප්‍රවාහන අමාත්‍ය ලසන්ත අලගියවන්න, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් අල්විස් යන මහත්වරුන් පැමිණ තිබුණි.